ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රවාහනයට බාධා ඇතත් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවලදී අවහිරතාවයකින් තොරව සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩි ධර්මසේන මහතා පවසනවා.
ඒ සඳහා සිසු සැරිය හා අතිරේක බස් යෙදවීමට ලංකා ගමන ගමන මණ්ඩලය තීරණය කර ඇති බවත් සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත යාමට සහ ඒමට සාමාන්‍ය දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.



