රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙටින් (20) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර ජුනි මස 6 වනදා ආරම්භ වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.



