කල්වේලා ඇතිව සිසුන් විභාග ශාලා වෙත ගෙනඑන්න. දෙමාපියන්ට දැනුම්දීමක්

Share

හෙට (23) ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් කල්වේලා ඇතිව විභාග ශාලාව වෙත යොමුකරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ නමුත් යම් සිසුවෙකුට නියමිත වේලාවට විභාග ශාලාව වෙත පැමිණීමට නොහැකිවුවහොත් ඊට සහනයක් ලබාදීම සඳහා අදාළ විභාග ශාලා අධිපතිවරුන් දැනුවත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන සඳහන් කළා.

මේ අතර විභාගය පැවැත්වෙන හෙට (23) දිනයේ සිට ජුනි 01 වැනිදා දක්වා මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණ කිරීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News