ඉන්ධන ලබා ගැනීමට අදත් ජනතාව දිගු පෝලිම්වල රැදී සිටිනවා.
තුන්වන පාර්ශවයකින් ඉන්ධන මිලදී ගැනීමෙන් වළකින ලෙසයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
එමෙන්ම ගෑස් අර්බුදයටත් ඉදිරියේදී යම්තාක් දුරකට සමනය කළ හැකි බව ලිට්‍රෝ සභාපති විජිත හේරත් සඳහන් කළා.



