යළි පාර්ලිමේන්තු සභාවේ කටයුතු ආරම්භ වෙයි

හදිසි පක්ෂ නායක රැස්වීමක් සඳහා සභාවේ කටයුතු තාවකාලිකව අත් හිටුවීමට කතානායක කරූ ජයසූරිය මහතා  අද  උදෑසන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමෙන් අනතුරුව තීරණය කළේ ය. ඒ අනුව තාවකාලිකව අත් හිටුවනු ලැබූ සභාවේ කටයුතු අද (20) ප.ව. 1.30 ට පමණ යළි ආරම්භ විය.

අද අපි උදේ සාකච්ඡාව සම්බන්ධයෙන් දීර්ග කරුණු සාකච්ඡා කළා. පළාත් සභාවේ අනුමැතිය සම්බන්ධයෙන් නීතිපතිතුමාගෙන් ලිපියක් ලැබී තිබෙනවා. පළාත් සභාවට දැන්විය යුතු බවට අනුමැතියක් අවශ්‍ය නෑ කියා තියෙනවා. ආංශික කාරක සභාවට ගිහින් තිබෙනවා. සියලු ගැටළු සාකච්ඡ කළා. නීත්‍යාණුකූලව කිසිදු වරදක් වී නෑ යැයි සභාව ආරම්භ වීමෙන් අනතුරුව සභාව අමතමින් සාකච්ඡාවේ තීරණය කතානායක කරූ ජයසූරිය මහතා විසින් දැනුම් දුන්නේ ය.

 

Previous articleසවස 2.00 න් පසුව පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Next articleකාන්තාවන්ට සියයට 25%ක නියෝජනයක් ලැබෙනවා – නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා