වෛද්‍ය නිර්දේශ නොමැතිව රුපියල් හැත්තෑ දහසක් පමණ වටිනා pregabalin පෙති සන්තකයේ තබාගෙන වැඩි මිළට අලෙවි කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරෙහි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරික්ෂක එච්.එම්.ජේ. හේරත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.05.23 වන දින නානුඔය පොලිස් වසමේ නානුඔය නගරයෙහි ඖෂධ හලක් තුල දී වැටලීමක් සිදු කර ඇත.
එහි දී පැය 1300 ට වෛද්‍ය නිර්දේශයක් නොමැතිව pregabalin නැමති ඖෂධය සන්තකයේ තබා ගැනීම හා එම ඖෂධය නියමිත මිළට වඩා වැඩි මිළට අලෙවි කරමින් සිටි නානුඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයකු සමග රුපියල් හැත්තෑ දහසක් පමණ වටිනා pregabalin පෙති 3,040 ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නානුඔය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.



