1 – 0 ලෙස ජය ශ්‍රී ලංකාවට

Share

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1 – 0 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ දෙවන සහ අවසන් තරගය කඩුලු 10කින් ජය ගැනීමෙනි. පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

දෙවන තරගයේ පළමු ඉනිම වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 365ක් ලබා ගත්තා. එහිදී මුෂ්ෆිකර් රහීම්(175) සහ ලිටන් දාස්(141) ක් ලබා ගැනීමට සමත් වුණා. ටයිජුල් ඉස්ලාම්(15) හැර අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව ඉක්මවා යාමට ශ්‍රි ලංකා පන්දුයවන්නන් අවස්ථාව ලබා දුන්නේ නෑ.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 506යි. එහිදී ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 145ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 124ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කසුන් රාජිත පළමු ඉනිමේ කඩුලු 5ක් සහ දෙවන ඉනිමේ කඩුලු 2ක් දවා ගත්තා. අසිත ප්‍රනාන්දු පළමු ඉනිමේ කඩුලු 4ක් සහ දෙවන ඉනිමේ කඩුලු 6ක් දවා ගත්තා

තරගයේ වීරයා – අසිත ප්‍රනාන්දු තරගාවලියේ වීරයා – ඇන්ජලෝ මැතිව්ස්

Read more

Local News