අටළුගම දී අතුරුදන්ව සිටි දැරියගේ සිරුර හමුවෙයි

Share

බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) දිනයේ දී අතුරුදන් වූ බව කියන 9 හැවිරිදි දැරියගේ සිරුර ඇයගේ නිවස අසල වගුරු බිමක තිබී සොයාගෙන ඇති බව පොලීසිය පවසනවා.

අදාළ දැරිය ජීවත් වූ නිවසේ සිට මීටර් 150ක පමණ දුරකින් යුතු ප්‍රදේශයක දී මෙලෙස සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අද (28) දිනයේ දී ඇයගේ නිසල සිරුර මෙලෙස සොයාගෙන ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.

Read more

Local News