කාන්තාවන්ට සියයට 25%ක නියෝජනයක් ලැබෙනවා – නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා

Share

අපිට අවශ්‍ය වන්නේ පළාත් සභා නවයම මැතිවරණ අලුත් ක්‍රමයට මැතිවරණ තියන්නයි.ඉතාම ඉක්මනින් සීමා නීර්ණය කර පළාත් සභා මැතිවරණය පවත්වනවා යැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය  අජිත් පී.පෙරේරා මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතේ විවාදයට එක්වෙමින් පවසයි.

මානව ක්‍රමය තුළ දේශපාලන ක්‍රමය තුළ කාන්තා නියෝජනය අහිමි කර තිබුණා.වෛද්‍ය වෘත්තිය, නීති වෘත්තිය තුල පරිපාලනය තුළ සිටින්නේ කාන්තාවයි. කාන්තාව වැදගත් තීරණය ගන්නවා. සෑම දේශපාලන තීන්දු ගන්න ප්‍රාදේශීය සභාවේ නගර සභාවේ පළාත් සභාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයක් තිබිය යුතුයි.

මෙම යෝජනාව සම්මත වූ විට ඊළඟ පළාත් සභාවේ සිට කාන්තාවන්ට සියයට 25%ක නියෝජනයක් ලැබෙනවා. මෙය පාර්ලිමේන්තුවට ආඩම්බර විය හැකි පනත් කෙටුම්පතක්. සුළු පක්ෂවලටත් අවශ්‍ය සාධාරණ අවස්ථව ලැබෙනවා. මේ හරහා මැතිවරණ කල් දමන්න හදනව කියනවා.පනත ක්‍රියාත්මක වන දින සිට  මාස හයක් හයක් ඇතුළත ස්වකීය වගකීම් ඉටු කළ යුතුයි කියලා. මස හයක් තුළ සීමා නීර්ණය අවසන් කරන්නයි බලාපොරොත්තුව. අපිට අවශ්‍ය වන්නේ පළාත් සභා නවයම මැතිවරණ අලුත් ක්‍රමයට මැතිවරණ තියන්නයි.

අලුත් මැතිවරණ ක්‍රමය යටතේ අඩුම තරමින් කාන්තා නියෝජනය පහළොවක් සිටිනවා. මේ රටේ දැන උගත් කාන්තාවන්ට පළාත් සභාව තුළ ක්‍රියාත්මක වන්නට නීතියක් හැදුවා.  කාන්තා නියෝජනය පළාත් සභාවට පමණක් නොව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය දී පාර්ලිමේන්තුවේ ද කාන්තා නියෝජනය  තිබීමයි අපට අවශ්‍ය. ඊළඟ පාර්ලිමේන්තුවේ හතරෙන් පංගුවක් කාන්තා නියෝජනය  තිබිය යුතුයි. ඉතාම ඉක්මනින් සීමා නීර්ණය කර පළාත් සභා මැතිවරණය පවත්වනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News