අපි දැන් අමාරුම කාලෙට ඇවිල්ලා – අගමැති විශේෂ ප්‍රකාශයක් කරමින් කියයි

අප මේ වන විට ඉන්ධන සහ ගෑස් අර්බුදයේ බරපතලම තැනට පැමිණ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

පවතින තත්වය හමුවේ ඉන්ධන සහ ගෑස් නිකුත් කිරීම අත්‍යවශ්‍ය කටයුතු සඳහා සීමා කිරීමට සිදුවන බවයි අගමැතිවරයා පවසන්නේ.

කෙටි කලක් යන තුරු ඉන්ධන නිකුත් කිරීම සියයට පනහක ධාරිතාවෙන් සිදු කිරීමටද නියමිතයි.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

Previous articleදේශීය සටන් ශිල්ප සංරක්ෂණයට කැබිනට් අනුමැතිය
Next articleඉන්ධන නැති නිසා දෙහිවල රත්වෙයි