ඉන්දීය මානුෂීය ආධාර රැගත් නෞකාවක් පැමිණෙයි

Share

ඉන්දියාවේ තමිල්නාඩු ජනතාව විසින් පරිත්‍යාග කරන ලද මානුෂීය ආධාර රැගත් තවත් නෞකාවක් ශ්‍රී ලංකාව බලා පිටත්වී ඇත.

අදාළ නෞකාව තුළ සහල් ටොන් 14,712ක්, කිරිපිටි ටොන් 250ක් සහ අත්‍යාවශ්‍ය ජිවීතාරක්ෂක ඖෂධ ටොන් 38ක් ඇතුළු ටොන් 15,000ක තොගයක් අඩංගු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ (22) දිනයේදී අදාල නෞකාව කොළඹ වරාය බලා පිටත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News