මීටර් 100 තත්පර 10ට අඩුවෙන් ධාවනය කළ පළමු දකුණු ආසියාතිකයා බවට යුපුන් අබේකෝන් පත් විය

Share

ස්විට්සර්ලන්තයේ පැවති රෙසිස්ප්‍රින්ට්ජාත්‍යන්තර තරඟයේ මීටර 100 ධාවන ඉසව්ව තත්පර 9.96 කින් නිම කරමින් තත්පර 10 ට අඩුවෙන් මීටර් 100 ධාවන ඉසව්ව නිම කළ දකුණු ආසියාවේ පළමු හා එකම ක්‍රීඩකයා බවට යුපුන් අබේකෝන් පත් විය.

ඔහු ඔහුගේ සිය ෆෙස්බුක් ගිනුමේ තැබූ සටහන මේ.

“මං ඒක කලා. මං අවුරුදු ගානක් මහන්සි උනා , ඒ මහන්සියේ කැප කිරීමේ ප්‍රතිපලය මට හම්බුනා .ඔව්… මං තමයි Sub 10 ක්ලබ් එකේ අලුත් Member !බිලියන ගානක් ඉන්න දකුණු ආසියාවේ පලවෙනි Sub 10 එක.ආසියානු ඉතිහාසයේ 10 වෙනි sub 10 එකේ අයිතිකාරයා මම.මං එක්ක උන්න අයට මං මේක ට්‍රිබියුට් කරනවා. මාව විස්වාස කරපු අයට මං pay back කලා කියලා මං හිතනවා. ආදරෙයි ගොඩක්.ලංකාවේ බලධාරීන්ගෙන් උදව් ඉල්ලල යවපු ලියුම් ඊ මේල් එකේ සෙන්ඩ් බොක්ස් එක පිරිලා. උදව් කරන්නම් කියලා ආව ඊ මේල් එකක් නම් හොයාගන්නවත් නෑ. 😂ඒ හින්දා දැන් මීඩියා වලට කතා කරද්දී මට කරපු උදව් මොනවද කියලා මතක් කරලා කියන්න. මිනිස්සු බලන් ඉන්නවා දැනගන්න. 😉ආයෙත් කියනවා මං ඒක කරා. ආදරෙයි මං එක්ක උන්න හැමෝටම. මේක කරේ මං මටත් වඩා මාව විස්වාස කරපු ඔයලාට.”

ඔහුට සියත අපගේ සුබ පැතුම්.

Read more

Local News