ජුලි 25 විශේෂ ඩෙංගු මර්දන දිනයක්

Share

2022 වර්ෂයේ ජනවාරි මස සිට මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් 43000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දේ.

ජුලි මාසයේ 21 වන විට රෝගීන් 8000ක් වාර්තා වී ඇති බවත් මෙම තත්වය දිගටම පැවතුනහොත් ඩෙංගු අධි වසංගත තත්වයක් වර්ධනය විය හැකි බවට ඔහු අනතුරු ඇඟවයි.

මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා අත් සහ පා ආවරණය වන පරිදි ඇඳුම් ඇඳීම, දහවල් කාලයේ ශරීරය නිරාවරණය වන කොටස් සඳහා මදුරු විකර්ෂක භාවිතය, නිදා සිටින විට (විශේෂයෙන් ළමුන් සහ ගර්භණී කාන්තාවන්) මදුරු දැල් භාවිතය, සහ විශේෂයෙන්ම ඩෙංගු මදුරුවා බෝවන ජලය එක් රැස්වන ස්ථාන ඉවත්කර පිරිසිදුව තබා ගැනීම මගින් ඩෙංගු රෝගය ඉතා පහසුවෙන් වළක්වා ගත හැක.

ඩෙංගු රෝගය ව්‍යාප්තිය පාලනය සඳහා 2022 ජුලි 25 සඳුදා විශේෂ ඩෙංගු මර්දන දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

මෙදිනට සියලු රජයේ සහ පෞද්ගලික ආයතන කාර්ය මණ්ඩල පැයක කාලයක් තමා සේවය කරන ආයතනය ඇතුළත සහ බාහිර පරිසරයේ මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන විනාශ කිරීමත්, එම පරිසරය ඉදිරියට පිරිසිදුව පවත්වා ගැනීමත්, සහ වගකිව යුතු නිළධාරියකු යටතේ කමිටුවක් පත්කර ඩෙංගු මර්දන කටයුතු කළ යුතු බවත් වෛද්‍ය ගුණවර්ධන මහතා දන්වා සිටියි.

Read more

Local News