දුම්රියක් තුළ ගැටුමකින් ආරක්ෂක නියාමක මරුට

වඳුරඹ සහ කින්නවල දුම්රිය ස්ථාන අතර දී කොළඹ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන දුම්රියේ ආරක්ෂක නියාමකවරයෙකු දුම්රියෙන් ඇද වැටී මියගොස් තිබෙනවා.

ආරක්ෂක නියාමකවරයා සහ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් මත දුම්රිය ආරක්ෂක නියාමකවරයාව දුම්රියෙන් පිටතට තල්ලු කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා මීරිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.