පාසල් අද සිට යළි ආරම්භයි

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (25) සිට නැවත ආරම්භ වුණි.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු සඳුදා, අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම තීරණය කර ඇති අතර බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක‍්‍රියාකාරකම් ලබාදෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දී තිබෙන්නේ.

එසේ නොමැති නම් බදාදා සහ සිකුරාදා ඔන්ලයින් ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.