ජෝර්දානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් අත්‍යවශ්‍ය ඖෂධ තොග පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.

ජූලි මස 19 වැනි දින මෙරටට එවන ලද මෙම අත්‍යවශ්‍ය ඖෂධ තොගය තානාපති කාර්යාලයේ සාමූහික ප්‍රයත්නය මත සිදු කිරීමට හැකි වූ අතර, ජෝර්දානයේ පිහිටි ඇඟලුම් කම්හල් කිහිපයක් මෙම උතුම් කර්තව්‍යය සඳහා සිය දායකත්වය ලබා දෙනු ලැබීය.