පාර්ලිමේන්තුව අද රැස්වේ – හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ විවාදය පෙ.ව 10.00 සිට

Share

පාර්ලිමේන්තුව අද පෙ.ව 10.00ට රැස්වීමට නියමිත අතර මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය ප.ව 4.30 දක්වා විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීමට නියමිතය.

2022 ජූලි 17 දිනැති අංක 2288/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් එවකට වැඩබලන ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශනය සිදුකොට ඇති අතර නෛතික ප්‍රතිපාදන අනුව එම හදිසි අවස්ථා ප්‍රකාශනය සදහා දින 14 ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමතිය ලබා නොගතහොත් එය අවලංගු වී යනු ඇත.

Read more

Local News