සියලුම ත්‍රිරෝද රථ හිමියන්ට දැනුම්දීමක්

Share

මේ අතර ත්‍රිරෝද රථ තමාගේ බල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල තුල ලියාපදිංචි වීම අනිවාර් වන අතර අද දිනත් එම ලියාපදිංචි කිරීමේ කටයුතු ක්‍රියාත්මකයි.

සියලුම ත්‍රිරෝද රථ, ජුලි 31 වනදාට පෙර අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත ගොස් ලියාපදිංචි විය යුතුයි.

ඒ අනුව අදාළ ත්‍රිරෝද රථ රියදුරාගේ ත්‍රිරෝද රථයේ ලියාපදිංචි පොත ජාතික හැඳුනුම්පත් අංකය හෝ රියදුරු බලපත්‍රයක් හෝ විදෙස් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කිරීම, පදිංචිය සනාථ කළ හැකි ලියවිල්ලක් ඉදිරිපත් කිරීම, තාවකාලිකව පදිංචිව සිටිනවා නම්, ඉහත ලියවිල්ල සනාථ කරන බවට ග්‍රාම නිලධාරීවරයාගේ ලිපියක් ඉදිරිපත් කිරීම, කිව් ආර් කේතය, වෙනත් ආයතනයක රාජකාරි සඳහා පැමිණෙන තාවකාලිකව පදිංචි වී සිටින අයෙක් නම් තම පදිංචිය සනාථ කරන ආයතන ප්‍රධානියාගේ ලිපියක්ද රැගෙන ආ යුතුයි.

Read more

Local News