තරුණයින්ගේ ඉල්ලීම වුනේ වෙනසක් – අපිත් ඒක පිළිගන්නවා – ජනපති රනිල් කියයි

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා සිරිකොත මන්දිරයේ කාර්ය මණ්ඩලය අතර හමුවක් පැවැත්වුණා.

ඒ පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදී.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අරගලයේ නිරතව සිටි තරුණයින්ගේ ඉල්ලීම රටේ ක්‍රමය වෙනස් කිරීම බවත්, එය පිළිගන්නා බවයි.

සියලු දෙනාට රටේ නීතියට අනුව සාමකාමී විරෝධතාවල නිරත වීමට ඉඩ ඇති බවත්, අරගලයේ නිරත වූවන්ටද එම අයිතිය ඇති අතර, විවිධ දක්ෂතා ඇති තරුණ, තරුණියන්ද ඊට එක්ව සිටි අයුරු තමා දුටු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

Read more

Local News