බදුල්ලේ ඉන්ධන පිරවුම්හලකදී අහසට වෙඩි තැබීමක්

Share

මේ අතර බදුල්ල හිඳගොඩ ප්‍රදේශයේදී IOC ඉන්ධන පිරවුම්හල තුළදී ඊයේ රාත්‍රී 11.30 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඉන්ධන ලබා ගැනීමේදී ඇතිවූ ආරවුලක් මත ඉන්ධන පිරවුම්හලේ සේවකයින් බිය වැද්දීමට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය විසින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මිලිමීටර් නවය වර්ගයේ උණ්ඩ යෙදූ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, අහසට වෙඩි තැබීම් හතරක් සිදුකර ඇති බව ද පොලීසිය සඳහන් කරනවා.

මෙම වෙඩි තැබීම සිදුකරන ලද පුද්ගලයා වෙඩි තැබීම සිදු කිරීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.

වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේ එම පුද්ගලයා බීමත්ව සිට ඇති බවයි ඉන්ධන පිරවුම්හලේ සේවකයින් පවසන්නේ.

මෙම සැකකරු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Read more

Local News