ඉරානයට සම්බාධක පැනවීමෙන් සහ පීඩනයක් එල්ල කිරීමෙන් ගැටලුව විසඳීමට කිසිදු සහායක් නොවන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian පවසයි. ඊයේ (20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසුවේය.
එබැවින් වගකීම් සහගත පියවරයන්ට අනුගතව දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික ක්‍රම ඔස්සේ ගැටලුව විසඳා ගන්නා ලෙස චීනය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු එහිදී සඳහන් කර ඇත.
ඉරානයට එරෙහිව “විනාශකාරී ආර්ථික ක්‍රියාමාර්ග” ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ඇමරිකානු ජනාධිපති Donald Trump පසුගියදා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ.
Share
Read more



