ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනී

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ ඓතිහාසික මහනුවරට පැමිණියා.

ඒ දන්ත ධාතූන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහායි.

මහනුවරට පැමිණි ජනාධිපතිවරයා දළදා මාලිගාව ඉදිරිපිටදී පිළිගත්තේ මහනුවර මහ නගර සභාවේ නගරාධිපති කේසර සේනානායකයි.

අනතුරුව මාලිගාවට පිවිසීමට පෙර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ජනාධිපතිවරයා නිල වශයෙන් පිළිගත්තා.

දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමරු පොතෙහි සටහනක් ද තැබුවා.

මෙම අවස්ථාවට සතර මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, දිලුම් අමුණුගම සහ පාලිත බණ්ඩාර, නවීන් දිසානායක ඇතුළු පිරිසක් සහභාගී වුණා.

Read more

Local News