ඉන්ධන පෝලිමක තවත් මරණයක්

ඉන්ධන පෝලිමක රැඳී සිටි තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක රැඳී සිටියදී ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙනුයි මොහු මියගොස් ඇත්තේ.

අදාළ පුද්ගලයා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එලෙස මියගොස් ඇත්තේ හැත්තෑ එක් හැවිරිදි පුද්ගලයෙක්.

තවමත් රට පුරා ම ඉන්ධන පෝලිම්.