නිමල් සිරිපාල ද සිල්වාගේ ඉල්ලීමට පත්කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු වාර්තාව ජනාධිපති ලේකම්ට

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ඉල්ලීමට පත්කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු වාර්තාව ජනාධිපති ලේකම්ට භාර දී ඇත.

ජපානයේ තයිසේ සමාගමෙන් අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කළ ඉල්ලීමට අනුව පත් කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවේ වාර්තාව (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත භාර දී ඇත.