බලපත්‍ර නොමැතිව ඉන්ධන ගබඩා කල පුද්ගලයකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ‍විශේෂ කාර්ය බලකාය මාන්කුලම් කඳවුරේ උප පොලිස් පරීක්ෂක එච්.එම්.පී.ටී.බී. හේරත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.08.01 වන දින වසන්තපුරම්, කොකාවිල් පාර, තුනුක්කායි ප්‍රදේශයේ දී සිදුකල වැටලීමකදී නීති විරෝධී ලෙස, බලපත්‍ර‍ නොමැතිව, ඩීසල් ලීටර් 1,050 සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 67 වන සැකකරු කොකාවිල් පාර, තුනුක්කායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මල්ලාවි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් ඉන්ධන වල දළ වටිනාකම රු. 462,000.00 ක් පමණ වේ.

Read more

Local News