කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Share

දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇත.

මහරගම දුම්රිය ස්ථානය ආසන්නයේදී අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් එලෙස පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර කැලණිවැලි දුම්රිය මාර්ගයේ කඩුගොඩ ප්‍රදේශයෙන් ද අද (03) උදෑසන දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇත.

දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව වාර්තා වෙයි.

Read more

Local News