යුපුන්ගෙන් ලෝකඩ – පාලිතගෙන් රිදී – ලංකාවට පොදුරද මඩුලු පදක්කම් 2ක්

Share

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ මීටර් 100 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණා.

ඔහු අවසන් තරඟයේ තෙවැනි ස්ථානය දිනා ගත් අතර තරඟය නිමා කිරීමට ගත කළ කාලය තත්ත්පර 10.14 ක්.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගත් ලැබූ පළමු ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයා ලෙස යුපුන් අබේකෝන් ඉතිහාස ගත වනවා.

එසේම පොදු රාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත් වුණා.

ඒ අනුව ඔහු සහභාගී වූ කවපෙත්ත විසි කිරීමේ F42-44/61-64 පැරා තරඟ ඉසව්වෙන් මීටර් 44.20 ක දක්ෂතාවයක් දක්වමින් එම පදක්කම දිනා ගැනිමට ඔහු සමත් වුණා.

Read more

Local News