විරෝධතාවයේ නිරතව සිටින පිරිසක් ඊයේ රාත්‍රියේ සිය කූඩාරම් ඉවත් කර ගනි

Share

ගාලු මුවදොර අරගලකරුවන්ට ඉවත් වන ලෙසට පොලීසිය කළ දැනුම් දීමට අනුව විරෝධතාවයේ නිරතව සිටින පිරිසක් ඊයේ රාත් රියේ සිය කූඩාරම් ඉවත් කර ගනිමින් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා. පොලිසිය කළ දැනුම් දීමට විරෝධය පළ කරමින් ඊයේ රාත්‍රියේ පන්දම් විරෝධතාවයක් ද පැවැත්වුණා. නව වන පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ඊයේ දින රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ සාමකාමී අරගලකරුවන්ට තමන්ගෙන් කිසිඳු බාධාවක් නැති බවයි. ඔවුන්ට කිසිවෙකු හෝ බලපෑම් කරමින් කිසියම් අකටයුත්තක යෙදේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට විශේෂ කාර්යාංශයක් පිහිටවන බවත් ඊයේ දින රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එමෙන්ම වෙන් කර දී ඇති ස්ථානවල පමණක් අරගල සහ විරෝධතා සිදුකරන ලෙසටත් ඒ සඳහා පහසුකම් ලබාදෙන බවටත් ඊයේ දින ජනාධිපතිවරයා සිය කතාවේදී පැවසුවා.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකර පැය කිහිපයක් යන්නට මත්තෙන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කළා. ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශවල නීතියට රැඳී සිටින සියලු දෙනාට ඉවත් වන ලෙසටයි එම නිවේදනයෙන් දන්වා සිටියේ. ගාලු මුවදොර පිටිය සහ ඊට ආසන්න ප්‍රදේශය රජයට හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසේ අනවසරයෙන් කරන ලද ඉදිකිරීම් හා භෝග වගා කිරීම් වහාම ඉවත් කර ගන්නා ලෙසත්, එම ඉවත් කර ගැනීම් පස්වනදා සවස පහට පෙර අනිවාර්යෙන් සිදු කළ යුතු බවටත් පොලිසිය දැනුම් දුන්නා.

ඇතැම් සඳහන්, උපදෙස් අනුව කටයුතු නොකරන අයවලුන් සම්බන්ධයෙන් නීත් යානුකූල පියවර ගනු ලබන බව මෙයින් දන්වා සිටිමි. උද්ඝෝෂණය කරන්න ඕන තරම් පොලීසිය විසින් ඊයේ පස්වරුවේ සිදුකළ එම දැනුම්දීමෙන් පසුව ගාලු මුවදොර අරගල භූමියේ සිටි පිරිසක් තමන් රැඳී සිටි අට්ටාල ඉවත් කර ගනිමින් එම ස්ථානයෙන් ඉවත් වන අයුරු ඊයේ රාත්‍රියේ දක්නට ලැබුණා.

කෙසේ වෙතත් තමන්ව ඉවත් කිරීමට ගත් එම තීරණයට විරෝධය පල කරමින් ඊයේ රාත්‍රියේ ගාලු මුවදොර පන්දම් විරෝධතාවයක් පැවැත්වුණා.

මේ අතර බාලදක්ෂ මාවත ප්‍රදේශයෙන් උද්ඝෝෂකයින්ට ඇතුළු වීම අද දින තහනම් කර තිබෙන අයුරුද දක්නට ලැබුණා. එහි ආරක්ෂාව තර කර තිබෙන අයුරුද දක්නට ලැබුණු අතර ගමනාගමනයට ඉන් බාධාවක් එල්ල වුණේ නැහැ. එකසිය දහඅට වන දිනටයි අදත් ආදරයේ අරගලය ගාලු මුවදොරදී පැවැත්වෙන්නේ.

Read more

Local News