රට තුළ වඳුරු උණ ආසාදිතයින් ඇත්දැයි සොයා බැලීමට හෙට සිට පරීක්ෂණ

Share

ලෝකයේ රටවල් රටවල් රැසක වේගවත්ව ව්‍යාප්ත වෙමින් ඇති මන්කිෆොක්ස් හෙවත් වඳුරු උණ සම්බන්ධයෙන් මේ වන විට මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයේද වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

ඒ අනුව රට තුළ මන්කිෆොක්ස් ආසාදිතයින් ඇත්දැයි සොයා බැලීමට හෙට සිට පරීක්ෂණ සිදු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ මහනුවර ජාතික රෝහල ආශ්‍රිතව මන්කිෆොක්ස් පරීක්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කර රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ නියැඳි පරීක්ෂා කිරීමට නියමිතයි.

රෝගයට අවශ්‍ය පෙර සූදානම වෙනුවෙන් පරීක්ෂණ කට්ටල තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ශ්‍රී ලංකාවට භාරදෙනු ලැබුවා.

එම තොගයට පරීක්ෂණ කට්ටල එකසිය විසි පහක් ඇතුළත් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

මේ වන විට රට තුළ කොවිඩ් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවද ඉහළ යමින් පවතිනවා.

ඊයේ දිනත් මෙරටින් කොවිඩ් ආසාදිතයින් 167 දෙනෙකු හමු වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා.

කොවිඩ් මරණ 5ක් ද සිදුවී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.

එම කොවිඩ් මරණ සියල්ල වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Read more

Local News