ගනේමුල්ල සංජීවගේ ප්‍රධානම ගෝලයන් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ ලද තොරතුරකට අනුව, විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජේෂ්ඨ පොලිස් අධිකාරි ජානක සේනාධිීර මහතා (ප්‍රධාන කදවුරු භාර නිළධාරි පසු මුලස්තානය )මෙහෙය වීමෙන් 2022.08.06 වන දින ගම්පහ පොලිස් වසමේ අංක 131/ඒ, තම්මිට, මාකේවිට ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී වැටලීමක් සිදු කර ඇත.

එහි දී සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන ගනේමුල්ල සංජීව යන අයගේ සමීපතම ගෝලයන් දෙදෙනකු වන වන කරුණානයක පතිරනලාගේ සුමිත් ප්‍රසන්න නැමැති වයස අවුරුදු 36 ක පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑමි 14 යි මිලි ග්‍රෑමි 600 ක්, මුදලින් රුපියල් 120,000.00 (එක්ලක්ෂ විසි දහසක්), කඩුවක්, රත්තරන් පැහැති අත්පලඳනාවක්, ජංගම දුරකථන 02 ක් සමගද අනෙකුත් සැකකරු වන ඒකනායකගේ දොන් ලක්ෂිත චතුරංග යන අය වෙනත් අයෙකු ගේ ජාතික හැඳුනුම්පතක් සහ ජංගම දුරකථන පහක් ද හෙරෝයින් ග්‍රෑමි 15.255ක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මොහු මෙම දුරකථන භාවිතා කරමින් ⁣අපරාධ සිදුකරන වෙඩික්කරැවන් සදහා එම දුරකතන ලබා දී අවශ්‍ය මග පෙන්වීම සිදුකරනු ලබයි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.