T 56 ගිණි අවියක් සහ හෙරොයින් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය උඩවලව නිලධාරීන් කණ්ඩායමක් විසින් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී හම්බන්තොට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඒ. විදුර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී තුමාගේ මගපෙන්වීම යටතේ උඩවලව කදවුරේ කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක පී.ආර්.එස් නුවන් කුමාර ඇතුළු අම්බලන්තොට සහ උඩවලව කදවුරු වල නිලධාරීන් කණ්ඩායම් විසින් 2022.08.06 වන දින ඇඹිලිපිටිය පොලිස් වසමේ පනාමුර ප්‍රධාන මාර්ගයේ වල්ලුනුමඩ ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර ඇත.

එහි දී යතුරු පැදියකින් පනාමුර ප්‍රධාන මාර්ගයේ වල්ලුනුමඩ ප්‍රාදේශයට ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ක්ෂණික මාර්ග බාධකයක් යොදා පරික්ෂා කිරීමේ දී T56 වර්ගයේ ස්වයංක්‍රිය ගිණි අවියක්, ජීව උණ්ඩ 08 පුරවන පතුරම් ගැබක් හා හෙරෝයින් ග්‍රෑම් 10 ක් සහ වාහන අංක තහඩු දෙකක් සමග නවනගරය ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 වන පුද්ගලයෙකු හා අටකලම්පන්න, පින්නගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 වන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇඹිලිපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

තවද මෙම අත්අඩංගුවට ගන්නා ලද ගිණි අවිය දකුණු පලාත භීතියෙන් ඇලලී ගිය අපරාධ, පුද්ගල ඝාතන සදහා යොදා ගත් ගිණි අවිය දැයි විශේෂ කාර්ය බලකාය විසින් විමර්ශණ සිදු කරනු ලබයි.