ලෝක වන අලි දිනය අදයි

Share

ලෝකයේ වන අලින් සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව සෑම වසරකම අගෝස්තු 12 දින ලෝක වන අලි දිනය ලෙස නම් කර ඇත.

පළමු වරට ලෝක වනඅලි දිනය ලෙස නම් කරන ලද්දේ 2012 වර්ෂයේ අගෝස්තු 12 දිනයිදීය. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන William Shatner, මහතා තායිලන්තයේ දී වනඅලින් සම්බන්ධව නිර්මාණය කරන ලද වෘත්තාන්ත චිත්‍රපට දෙකකින් පසුව එහි ආසියානු අලින් සම්බන්ධව දැක්වෙන කරුණු පිළිබඳව අවධානය යොමුකරමින් ලෝක වන අලි දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

ලෝක වන අලි දිනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළ වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙවර ලෝක වන අලි දිනයේ මෙවර තේමාව පූර්ව ඓතිහාසික සුන්දරත්වය, ආගමික අදාලත්වය හා පාරිසරික වැදගත්කම බව ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ වන අලි ගහනය 2011 සිදු කරන ලද අවසන් වන අලි සංගණනය අනුව පන්දහස ඉක්මවන බවත්, අලි මිනිස් ගැටුම නිසා සෑමවසරකම වන අලින් මෙන්ම මිනිසුන් ද මරණයට පත්වන බවත් අවධාරණය කළේය.

Read more

Local News