බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගිය පෙම්වතා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

2022.08.03 වන දින බාල වයස්කාර දැරියක් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ලුණුගල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව, ලුණුගල පොලිස් ස්ථානය මගින් සිදුකල ඉල්ලීමකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මොණරාගල, බුත්තල ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී දයාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ උප පොලිස් පරීක්ෂක එස්.සී.ජේ. සමරවීර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම් විසින් 2022.08.11 වන දින පැය 1130 ට ලුණුගල පොලිස් වසමේ උඩකිරුව රක්ෂිතයේ, උඩකිරුව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී 2022.08.03 වන දින ලුණුගල පොලිස් වසමේ ලුණුගල ප්‍රදේශයේ පදිංචි වයස අවු 14 ක දැරියක්, ලුණුගල සහ බේරුවල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18 ත් 53 අතර වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පැහැරගෙන ගොස් උඩකිරුව රක්ෂිත, ප්‍රදේශයේ දින අටක් තිස්සේ සගවාගෙන සිටිය දී විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් හා ලුණුගල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් මහත් පරිශ්‍රමයක් දරා එම පුද්ගලයන් දෙදෙනා සහ දැරිය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ලුණුගල පොලිස් ස්ථානය වෙත භාර දීමෙන් අනතුරුව එම දැරිය වෛද්‍ය පරික්ෂණ කටයුතු සදහා ලුණුගල රෝහලේ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කර ඇත.

Read more

Local News