යල කන්නය සඳහා යූරියා පොහොර බෙදා හැරීම මේ වන විට සියයට අනූ අටකින් අවසන් කර තිබෙනවා.
ඉදිරියේදී බෙදා හැරීමට ඉතිරිව ඇති සියයට දෙකක පමණ යූරියා පොහොර ප්‍රමාණය ඉදිරි සතිය තුලදී අවසන් කිරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් යල කන්නයට අදාළව යූරියා බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පූර්ණ විගණනයක් සිදු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබෙනවා.
එහි යම් අක්‍රමිකතාවයක් සිදුව ඇත්නම් ඒවා ඉදිරි මාස් කන්නයේ පොහොර බෙදා හැරීමේ ක්‍රියාවලියේදී නිවැරදි කරන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා ඇත්තේ.
ඊට අමතරව අක්‍රමිකතාවයන් සිදුව ඇත්නම් ඊට අදාළව වගකිවයුතු බලධාරීන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.
යූරියා පොහොර බෙදාහැරීම සම්බන්ධයෙන් පූර්ණ විගණනය, පොහොර බෙදාහැරීම අවසන් කළ වහාම ඇරඹීමට නියමිතයි.
මේ අතර බණ්ඩාරවෙල එළවළු තොග වෙළඳ මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඊට හේතු වී ඇත්තේ සුළු පරිමාණයේ එළවළු ගොවීන් වගාවන් අත්හැරීම නිසා අඩු එළවළු ප්‍රමාණයක් වෙළඳපළට පැමිණීමයි.



