වේගය පිනවයි. මරුවා කැඳවයි. අපි නිතර අහලා තියෙන වචනයක් මේ.
ඒත් නිමක් නැතිව මහමග සිදුවන අනතුරුවලට ප්රධාන හේතුවක් වෙලා තියෙන්නේ නොසැලකිල්ල හා අධික වේගය.
අධික වේගය නිසා අදත් තරුණ ජීවිතයක් බෝකුන්දර ප්රදේශයේ දී අහිමි වුණා.
පවන් හේෂාන් නැමැති දහනම හැවිරිදි තරුණයෙක්. තරගයක් වෙනුවෙන් යතුරු පැදියක් ධාවනය කිරීමෙන් තවත් යතුරු පැදියක් සමඟ මුහුණට මුහුණ ගැටීමෙන් බොකුන්දර අයි සී සී මාර්ගයේදී මෙම බිහිසුණු අනතුර සිදුව තිබෙන්නේ.
යතුරුපැදි දෙක එකිනෙක ගැටීමෙන් පසු මීටර් තිහක් පමණ මාර්ගය දිගේ ඇදී ගොස් ඇති බව පොලීසිය පවසනවා.
අනතුර සමග වහා ක්රියාත්මක වූ සෙසු තරුණයන් බරපතළ තුවාල ලබා සිටි තරුණයන් දෙදෙනා රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත් නමුත් ඒ වන විටත් පවන් හේෂාඩ් නැමැති තරුණයා මියගොස් සිටි බව පොලිසිය පවසනවා.



