කොරියානු ධීවර අංශයේ රැකියා සඳහා බඳවා ගැනීමේ විභාගය ඇරඹේ

Share

දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා පැවැත්වෙන කොරියානු භාෂා පරික්ෂණ විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම 2022.08.22 දින සිට 2022.08.26 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරනු ලබයි.

මෙම විභාගය සඳහා අයදුම්කිරීම සඳහා විදේශ ගමන් බලපත්‍රය අනිවාර්ය වන අතර, එය මෙතෙක් ලබානොගත් අයදුම්කරුවන් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එකගතාවය මත විශේෂ ක්‍රමවේදයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් හඳුන්වා දී ඇත.

මෙම විභාගය පිළිබඳව වැඩි විස්තර www.slbfe.lk යන කාර්යාංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.

Read more

Local News