මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයෙක් රේගු භාරයට

Share

රුපියල් මිලියන 245ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොඟයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු QR 662 දරණ ගුවන් යානයෙන් කොලොම්බියාවේ සිට පැමිණ ඇති බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදුන් බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.

Read more

Local News