රුසියානු පාලනය යටතේ පවතින ක්‍රිමියාවේ පතොරම් ගබඩාවක පිපිරීමක්

Share

රුසියා යුක්‍රේන යුධ ගැටුම ආරම්භ වී අදට දින 174 යි.

දෙරට අතර මේ දක්වා දරුණු සටන් පවතින බවයි වාර්තා වන්නේ.

මෙම යුධ ගැටුම මේ වන විට බල අරගලයක් බවට පත්වෙමින් තිබෙනවා.

රුසියානු යුක්‍රේන යුධ ගැටුමේ නිමාවක් තවමත් පෙනෙන්නට නැහැ. රුසියාව සේම යුක්‍රේනයේද සිය බලය තහවුරු කර ගැනීම සඳහා දිගින් දිගටම කටයුතු කරමින් සිටිනවා.

රුසියාව සිය භූමියට එල්ල කරන ප්‍රහාර හමුවේ යුක්‍රේනයද ප්‍රතිප්‍රහාර එල්ල කිරීම තවදුරටත් සිදු කරන බව දක්නට පුලුවන්.

මේ හේතුවෙන් දෙරට තර යුධ ගැටුමේ නිමාවක් පෙනෙන්නට නැහැ.

රුසියානු පාලනය යටතේ පවතින ක්‍රිමියාවේ පතොරම් ගබඩාවක පිපිරීමක් සිදුව ඇති ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වර්තා කරනවා.

මෙය උතුරු ක්‍රිමියාවේ මෙස්කෝයි ගම්මානයේ සිදුව තිබෙනවා.

ඉන් රුසියාවට සැලකිය යුතු හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාල පිපිරීමෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේ වගකීම යුක්‍රේනය තවමත් නිල වශයෙන් භාරගෙන නැහැ. මේ අතර පුටින් ඇමෙරිකාවට චෝදනා කරනවා.

ඒ ඇමෙරිකාව මෙම යුධ ගැටුම යුක්‍රේන භූමියෙන් පිටතට ගෙන යාමට කටයුතු කරන බව පවසමින්.

Read more

Local News