වී මිලදී ගැනීමේදී කිසිඳු අඩුපාඩුවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇත.
වී අලෙවි මණ්ඩලය යටතේ ප්‍රාදේශීය කාර්යාල 7ක් පවතින අතර ඒ යටතේ වී ගබඩා 310ක් පවතී.
එම සියලු ගබඩා සහ ප්‍රාදේශීය කාර්යාල ඉදිරිපස වී මිලදීගැනීමට අදාලව බැනර් ප්‍රදර්ශනය කිරීමට වී අලෙවි මණ්ඩලය කටයුතු යොදා ඇත.
දැනට යල කන්නයේ වී අස්වනු නෙළීම දිස්ත්‍රික්ක කිහිපයක අවසන්ව ඇති අතර තවත් දිස්ත්‍රික්ක කිහිපයක ආරම්භ කර තිබේ.මෙසේ වී මිලදී ගැනීමේකටයුතු ආරම්භ කර ඇත්තේ වී අස්වනු නෙළීම අවසන් කළ හා ආරම්භ කර ඇති ප්‍රදේශවල පමණි.



