ජනපති රනිල් ලංකාවේ අලුත්ම තත්ත්වය The Economist සඟරාවට කියයි

Share

ජාත්‍යන්තර ද ඉකොනොමිස්ට් සඟරාව ඊයේ දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී රටේ ආර්ථිකය, වත්මන් දේශපාලනික තත්වය සහ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව කරුණු රැසක් ඔහු අනාවරණය කළා.

ජනතාවට නීතිය හා සාමය ස්ථාපිත කිරීමට අවශ්‍ය වුණා. ජනතාව දැඩි ලෙස විඳිමින් සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ පාලනයෙන් පසු වුණත් අපිට අවස්ථාවක් ලබා දෙන්න ජනතාව කැමති වුණා. ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සිදුවුණේ ව්‍යවස්ථානුකූලව.

දැන් සර්ව පාක්ෂික රජයකට උපරිම උත්සාහ ගනිමින් ඉන්නවා. ගැටළු රැසක් ඒ තුළ තිබෙනවා. විසි දෙවන සංශෝධනයත් ගෙන ආවා. පක්ෂවල සහ කණ්ඩායම්වල විවිධ මත තිබෙනවා. රට අර්බුදයෙන් ගොඩ ගැනීමේ වගකීම තිබෙන්නෙත් පාර්ලිමේන්තුවට බව මතක තබා ගත යුතු කරුණක්. මේ නිසා සියලු පක්ෂ එක තැනකට ගෙන එමින් සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා මේ වන අඛණ්ඩව අප සිදු කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා.

මාධ්‍යවේදියා විමසා සිටියේ ශ්‍රී ලංකන් හැරුණු විට පෞද්ගලීකරණය කළ හැකි ආයතන මොනවා ද යන්නයි. එහිදී වික් රමසිංහ ජනාධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය තියෙනවා. ටෙලිකොම් ආයතනයත් තිබෙනවා. ඛනිජ තෙල් සංස්ථාවට මොකද කරන්නේ කියන එක ප් රශ්නයක්. ඒ පිළිබඳවත් අවධානය යොමු කරලා තියෙනවා. මෙලෙස ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නා. පාර්ලිමේන්තුව වෙත ගෙන එන නව නීති සම්බන්ධයෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී අදහස් පළ කළා.

බදු ජාලය පුළුල් කරන්නත් සිද්ධ වෙයි. ඉන් අපිට නැති වුනු ආදායමේ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද මාධ්‍යවේදියාට වැඩිදුරටත් පවසා තිබුණා.

Read more

Local News