සත්ව ආහාර අවශ්‍යතාවය සඳහා බඩඉරිඟු හා සෝයා ආනයනය කිරීමට ආනයන හා අපනයන පාලක අංක 01/ 1969 දරණ පනත යටතේ විවෘත ගිණුම් ක්‍රමවේදය (Open Account ) යටතේ බඩඉරිඟු හා සෝයා ආනයනය සඳහා අවසර දෙන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ඒ අනුව 2022. 06. 24 දින රජය විසින් අංක 2285/ 19 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයට ඇතුළත් කර ඇති ආනයනය කළ හැකි අයිතම ලැයිස්තුවට බඩඉරිඟු හා සෝයා ඇතුළත් කරන ලෙස ඉල්ලීමක් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.




