අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකායේ බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්.දේශප්‍රිය ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.08.18 වන දින පෑලියගොඩ පොලිස් වසමේ සුදර්ශන මාවතේ බුලුගහ හංදියේදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී පැය 1230 ට රුපියල් 85,000 කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 71ක් සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි කැලණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල රුපියල් 90,000ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Read more

Local News