ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජපානය සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ රොයිටර්ස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ෂික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට චීනය සහ ඉන්දියාව ඇතුලු ශ්‍රී ලංකාවට ණය ලබාදුන් ප්‍රධාන රටවල්වලට ආරාධනා කරන්නැයි ඉල්ලීමක් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
තමන් ජපාන අගමැති මුණගැසීම සඳහා සැප්තැම්බර් මස ජපානයේ සංචාරයක නිරත වන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී.




