ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් එළඹෙන විසි හතර වනදා මෙරටට පැමිණීමට නියමිතයි.
එළඹෙන තිස් එක් වනදා දක්වා අදාළ නියෝජිතයින් පිරිස මෙරට රැඳී සිටිනවා.
ඒ අනුව එම කාලය තුළදී ආර්ථික හා මූල්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සිදු කෙරෙනවා.
නුදුරු කාලීනව අනාගත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩපිළිවෙලක් පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹීම සඳහා ප්‍රගතියක් ලබා ගැනීමද මෙහි අරමුණ බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ.
එසේ ම අදාළ නියෝජිත කණ්ඩායම මෙරට රැඳී සිටින කාලය තුළදී රජයේ නියෝජිතයින්ට අමතරව පාර්ශව රැසක්ද හමුවීමට නියමිතයි.
මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සහතිකයක්ද තම කණ්ඩායමට අවශ්‍ය බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලක් රජයට දැනුම් දී ඇත්තේ.
මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ද පසුගියදා ප්‍රකාශ කළේ අයි. එම්. එෆ්. සහය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ වශයෙන් සහය ලබාදෙන බවයි.




