ඉතිහාසයේ වැඩිම මිලකින් භූමිතෙල් මිල ඉහලට

Share

මෙරට ඉතිහාසයේ ඉහළම මිලකින් භූමිතෙල් මිල ඉහළ යාම ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට සිදුවුණා.

ඒ අනුව මෙතෙක් රුපියල් 87කට පැවති භූමිතෙල් ලීටරයක් රුපියල් 253කින් ඉහළ දමා තිබෙනවා. නව මිල සංශෝධනයත් සමඟ භූමිතෙල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 340 ක් ලෙසයි.

පසුගිය ජූනි මාසයේ දී සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේදී බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටියේ රුපියල් අසූ හතක් වැනි මිලකට භූමිතෙල් ලබාදීම සඳහා රජය විසින් රුපියල් තුන්සිය තිස් හතරයි ශත තිස් නමයක සහනාධාරයක් දරා ගැනීමට සිදුවන බවයි.

මෙලෙස භූමිතෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා. භූමිතෙල් මිල සංශෝධනයක් සිදු කිරීම වසර ගණනාවක් තිස්සේ සිදු කළ යුතුව තිබූ අතර, ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබීමට ප්‍රධාන හේතුවක් වන්නේ, මෙම භූමිතෙල් විශාල සහනාධාරයක් යටතේ අලෙවි කිරීම බවයි, අමාත්‍යවරය සඳහන් කරන්නේ.

සිය ජීවිකාව සඳහා භූමිතෙල් භාවිතා කරන ධීවරයින්, වැවිලි ක්ෂේත්‍රය, අඩු ආදායම්ලාභී පවුල්වල අය සඳහාත්, සෘජු මුදල් සහනාධාරයක් ලබා රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Read more

Local News