අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් – දෙදෙනෙකු මරුට

Share

අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ දී සිදුවූ වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය වී ඇත.

ඊයේ (21) රාත්‍රී 8.30ට පමණ එම වෙඩිතැබීමේ සිදුවීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

දෙල්දූව ප්‍රදේශයේ හෝටලයක ඉහළ මහලයේ රැඳී සිටි පුද්ගලයින් 5 දෙනෙකුට නාඳුනන තුවක්කරුවෙකු විසින් වෙඩි තබා පළාගොස් තිබේ.

වෙඩිවැදීමෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා අම්බලන්ගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඒ අතරින් එක් අයෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read more

Local News