දිවයින පුරා අපරාධ රැසක් සිදු කළ හාල් සමීර නොහොත් වර්ණකුලසූරිය ක්‍රිස්ටේබුගේ සමීර සම්පත් ප්‍රනාන්දු නම් පුද්ගලයා ගිණිඅවි හා උණ්ඩ සමඟ විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත.
ඊයේ (22) වන දින මිනුවන්ගොඩ පොලිස් වසමේ නිවසක දී මෙම වැටලීම සිදු කර ඇත.
සැකකරු දිවයින පුරා පිහිටි සහල් නිෂ්පාදකයන්ගෙන් මහා පරිමාණයෙන් සහල් එක්රැස් කර ඒ සඳහා අගරු චෙක්පත් නිකුත් කර වංචනික අන්දමින් සහල් ජාවාරම් සිදු කරමින් කටයුතු කළ පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.




