IMF නියෝජිතයින් දිවයිනට – සාකච්ඡා අරඹයි

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ඊයේ දින මෙරටට පැමිණ තිබෙනවා.

එලෙස දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූලය අරමුදලේ නියෝජිතයින් සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අතර සාකච්ඡා ආරම්භ වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මහ බැංකු පරිශ්‍රයේදී අදාළ සාකච්ඡා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. මෙම සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර මූලය අරමුදලේ මෙරට නේවාසික නියෝජිතවරයා මෙන්ම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාද සහභාගී වී සිටින බවත් සඳහන්.

මෙම සාකච්ඡාවට මෙරට නියෝජනය කරමින් මුදල් අමාත්‍යංශය, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් සහභාගී වනු ඇති. එළඹෙන තිස් එක් වනදා දක්වා මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමට නියමිතයි.

Read more

Local News