තුන්සීයකට අධික භාණ්ඩ වර්ගවලට ආනයන සීමා

Share

භාණ්ඩ වර්ග තුන්සීයකට අධික සංඛ්‍යාවක් සඳහා ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව ආනයන සීමා පැනවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනයට අනුව විවිධ රසයන් එකතු කරන ලද චොකලට් වර්ග ආනයනය තහනම් කර තිබෙනවා.

එමෙන්ම අදාළ භාණ්ඩ ලැයිස්තුවට අනුව මල් සහ පැළ වර්ග, පොල් සහ ඒ ආශ්‍රිත ඇතැම් නිෂ්පාදන රටකජු, ජල බෝතල්, ඇල්කොහොල් රහිත බීර වර්ගද, ආනයන තහනමට ලක්කර තිබෙනවා.

එමෙන්ම ෂැම්පු වර්ග, සුවඳ විලවුන්, කාන්තා සහ පිරිමි ඇඳුම්, රූපලාවන්‍ය ද්‍රව්‍ය රැසක්ද අදාළ ගැසට් නිවේදනය මගින් ආනයනය තහනමට ලක්කර තිබෙනවා.

මේ අතර දැව වර්ග, කෘතිම කෙදි වර්ග, ගෘහ උපකරණ, ඉදිකිරීම් උපකරණ, දුරකථන සහ උපාංග මෙන්ම වාහන අමතර කොටස් ද මෙම ආනයන තහනමට ලක් කර තිබෙනවා. මුද්‍රණ අංශයට අදාළ උපකරණ අමුද්‍රව්‍යද මෙම ගැසට් නිවේදනය මගින් ආනයන තහනම කර තිබෙනවා.

Read more

Local News