සත්ව ආහාර මිල ඉහළ යාම නිසා බිත්තර මිල ඉහළට

Share

බස්නාහිර පළාත් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පෙන්වා දෙන්නේ සත්ව ආහාර මිල ඉහළ යාම මත බිත්තර මිලද දිනෙන් දින ඉහළ යන බවයි.

බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් රජය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළා. එම පාලන මිලට බිත්තර අලෙවි කිරීමට නොහැකි බවයි බිත්තර වෙළඳුන් දිගින් දිගටම පවසන්නේ.

කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කරන්නේ පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නඩු පවරන බවයි.

වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා පාරිභෝගික අධිකාරිය මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

Read more

Local News